Monday, January 4, 2016

ආදරණීය නිරෝධ,

අද දවසම මම පෑනකුයි, දින පොතයි අරන් අරන් කල්පනා කරේ ඔයා ගැන. මීට මොහොතකට කලින් ඔයාගෙ සිතුවිලි වලින් පිරිලා තිබුණ මගේ හදවතම දැන් හිස් වෙලා. හරියට මේ දිනපොතේ සුදු පාට පිටු වගේම. ඒත් මට මුකුත් නොලියා ඉන්න බෑ නිරෝධ . මොකද දැන් මම ආරම්භ කරලා ඉවරයි..ඉතින් අවසානය තෙක්ම මම ලියන්න ඕන. ඔයා වගේ අතරමඟ අත්හැරල යන්න මට බෑ.

මතකද නිරෝධ කවදාවත් පටන් ගත්තු වැඩක් ඔයා ඉවර කරේ නෑ. හැමදාම අලුත් දෙයක් කරන්න හිතුව මිසක් කරන දේ ඉවර කරන්න හිතුවෙ නෑ. ඒක මීට අවුරුදු 4කට කලින් හිතුව නම් මට මේතරම් දුකක් දැනෙන්නෙත් නැති වෙයි. ඒත් මේ දුකට මම ආදරෙයි නිරෝධ. ඉස්සර ඔයාට ආදරේ කරපු තරමටම මම මේ දුකට ආදරෙයි. මොකද තවදුරටත් ඔයා නෑ කියන එක ඒ දුක මොහොතකට හරි මට අමතක කරන නිසා.

එළියෙ හොදටම වහිනව නිරෝධ. මතකද ඔයා දවසක් කිව්වා මට වහින වෙලාවට එළියට ගිහින් බලන් ඉන්න ආසයි කියලා. එතකොට මම කිව්වා වැහි බින්දු වැටෙන වෙලාවට  විලෝ ගහක් යටට වෙලා පොලොවෙන් එන සුවඳ විදින්න ආසයිකියලා... හිතින් කොච්චරක් නම් මම ඒ වගේ සුන්දර මතක සිතුවමට නගන්න ඇද්ද... ඒ ආයෙ කවදාවත් ඒ දේවල් කරන්න නෙමෙයි කතා කරන්නවත් අපිට බැරි වෙයි...

වැස්සත් වහිනවා, විලෝ ගසුත් වැළපෙනවා, පොලොවෙන් නැවුම සුවඳකුත් හමනවා. මමත් එහෙමම ඉන්නවා.. ඒත් නිරෝධ ඔයා විතරක්.......

                                                මම සමාධි

3 comments:

  1. වැස්සත් වහිනවා, විලෝ ගසුත් වැළපෙනවා, පොලොවෙන් නැවුම සුවඳකුත් හමනවා. මමත් එහෙමම ඉන්නවා.. ඒත් නිරෝධ ඔයා විතරක්.......

    ලස්සනයි සමාධි....

    ReplyDelete
  2. නිරෝද සමාධිව දාලා ගියේ නැත්නම් අපිට බලන්න මෙහෙම බ්ලොග් අඩවියක් නිර්මාණය වෙන්නේ නෑ..
    පාලුව තනිකම ඔබට ලස්සන නිර්මාණ සදහා පාර පෙන්නාවී..
    මට මේ බ්ලොග් එක අහම්බෙන් දැක්කේ..
    දිගටම ලියමු අපි බලන්න එනවා.

    ReplyDelete