අදට ඔයා මගෙන් සමුගෙන මාස තුනක් වෙනවා. අද වෙනකම්ම මම ඈත අනන්තය දිහා බලාගෙන හිටියෙ හිස් අවකාශයෙ මොහොතකට හරි ඔයාව දිස්වෙයි කියලා. ඒත් දැන් ඉතින් මම දන්නව ඔයා ආයෙත් එන්නෙ නැහැයි කියලා. අන්න ඒ හින්දමයි මම මේක ලියන්න පටන් ගත්තෙ.
දන්නවද නිරෝධ අපි කොයි තරම් කාලයක් එකට හිටියත්, මොනතරම් දෙවල් කතා කරත්, කවදාවත් මට ඔයාව තේරුම් අරන් ඉවර කරන්න බැරි වුනා. ඒ වගේම මම ඔයාව තේරුම් ගත්ත තරමෙන් අඩක්වත් ඔයා මාව තෙරුම් ගත්තෙ නෑ කියලත් මම දන්නවා. ඔයා ඒකට උත්සහ කරෙත් නෑ. ඒත් කවදහරි මේ ලිපිය කියෙව්වොත් ඔයාට තේරෙයි ඇත්තටම මම කවුද කියලා... මම ඔයාගෙන් බලාපොරොත්තු වුනේ මොනාද කියලා...
ඉතින් නිරෝධ අද ඉදන්, මේ මොහොතෙ ඉදන් මට පුලුවන් මගෙ හිතට එන හැමදේම මේකෙ ලියන්න. තවදුරටත් ඇස් දෙක රිදෙනකම් ඔයාව මතක් කර කර අඩන්න, අපේ පරන සමරු සටහන් දිහා බල බලා ලතවෙන්න මට කාලයක් නැතිවෙයි..මොකද අවුරුදු 5ක් පුරා මගේ ජීවිතේම වෙලා තිබුන ආදරේ ගැන, ලොකේ තිබුණ අමුතුම ආදරේ ගැන ලියන්න මට කාලය ඕන.
ඒත් මේක නිසා මගෙ හිතේ තියන දුක අඩු වෙයි කියල හිතන එක නම් පිස්සුවක්.. මොකද මම දන්නවා මේ පරණ මතකයන් මට එක තත්පරයක්වත් නිදහසේ හුස්ම ගන්න ඉඩ නොදෙන බව. ඒත් නිරෝධ මෙහෙම මැරි මැරී ජීවත්වෙනවට වඩා ඔයාගෙ මතකයන් සමඟ මියැදෙන එකත් මම බාර ගන්නෙ සතුටින්.....
මම සමාධි
ඔබ අාපු පාර දිගේ අාවා..... පළවෙනි ම පෝස්ටුව වෙලාවේ ඔබව දැකීම සතුටක්.... අපේ සින්ඩියට දා ගත්තා.....
ReplyDeletehttp://kurutugegeepawra1.blogspot.com/
හැකි තරම් හොදින් ලියන්න... අපි දිගට ම ඉන්නවා.... අනික් සින්ඩි වලටත් යන්න බලන්න..... අනික් බ්ලොග්කරුවන් සමග දිගට ම සංවාදය ගොඩනගා ගන්න බලන්න.. මොනවා වුණත් දිගට ම ලියන්න... ඒකයි වැදගත්.....
ස්තූතියි ඔයාට.. මම බ්ලොග් ලෝකයට අලුත්... ඔයලාගෙ සහයෝගය මට ගොඩාක් වැදගත්....
ReplyDeleteසතුටුයි නිරෝධ..........
Deleteඅැත්තට ම බ්ලොගයක් පටං අරන් පළවෙනි ම පෝස්ටුවට මේ තරම් සෙනගක් අැවිල්ලා කියන්නෙම ඔබ ගොඩක් ඉදිරියෙන් ඉන්නේ..... ඒක අද කාලේ බ්ලොග් වල තියෙන හොදක්.... මොනවා වුණත් ඔබ දිගට ම ලියනවානං මේ විදිහට තව තවත් පියවර ගානක් ඉදිරියට ගිහින් හොද පිරිසක් අතර ඔබේ නිර්මාණයන් සාකච්ඡාවට බදුන් වේවි.... ජය පතනවා ඔබට
ස්තූතියි... නිරොධ මගේ ලෝකයෙ ඉන්නකම් මේ බ්ලොග් එක ලියවෙයි.... ආරාදනා කරනවා ඉන්න මාත් එක්ක දිගටම :)
Deleteආදරණීයන්ගේ මතකයන් බ්ලොගය තුළ දියකර හරින්න....
ReplyDeleteජයවේවා!
ගොඩාක් ස්තූතියි ඔයාට.. දිගටම රැදී ඉන්න නිරෝදගේ මතකයන් සමඟ...
ReplyDeleteහරිම ලස්සනයි... දිගටම ලියන්න
ReplyDeleteස්තූතියි තාරකාව..
Deleteබැදීම් අපි නොහිතන වෙලාවල් වල ඇති වෙනවා වගේම අපි නොහිතන වෙලාවල් වල නැති වෙලාත් යනවා. අමාරුවෙන් උනත් ඒකට මුණ දෙන්න ඕන.
ReplyDeleteබ්ලොග් ලෝකයට සාදරයෙන් පිළිගන්නවා. දිගටම ලියන්න. ජය.
ගොඩක් ස්තූතියි ඔයාට. ඒත් නිරෝද කියන්නෙ මට ලීසියෙන් අමතක කරන්න පුලුවන් මතකය්ක් නෙමේ..
Deleteමම ඔයාව තේරුම් ගත්ත තරමෙන් අඩක්වත් ඔයා මාව තෙරුම් ගත්තෙ නෑ කියල මමත් දන්නවා - නිරෝධ
ReplyDeletehiks
මම හිතන්නෙ නෑ ඒකට හිනා යනවා කියලා. කෙනෙක්ගෙ දුකට හිනාවෙන්නෙ කවදාවත් ඔයා ඇත්තටම ආදරේ කරල නැති නිසා වෙන්න ඇති.
Deleteමගෙ නම නිරෝධ..දන්නවද මගෙ නමේ තේරුම?...නෑ නේද? මම හිතුව දන්නෙ නැතුව ඇති කියල...නිරෝධ කියන්නෙ මිදීම..නැත්නම් ඈත්වීම..ඉතිං මම කලේ මගේ නමෙන්ම කියවෙන විදිහට ක්‍රියා කරපු එක....
ReplyDeleteඔයාත් ඔයාගෙ නමේ විදිහට කටයුතු කලොත් මම හිතන්නෙ ප්‍රශ්ණයක් වෙන එකක් නැහැ...සමාධි...මම හිතනව ඔයාගෙ නමේ තේරුම ඔයා දන්නවයි කියල....:)
නිරෝධ, මම හිතන්නෙ නෑ ඔය නපුරු වචන වලට උත්තර දෙන්න ඕන කියලා... නිහඬවම ඉන්නම්, හැමදාම වගේ...
Delete